WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්...

Fri, 14 January 2022- Page Views : 0 results

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ පවතින ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් යුතුව සියලුම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර ඇත.

මේ වනවිට 50%ක ධාරිතාවකින් යුතුව ශිෂ්‍යයන් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව හා විභාග, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවාගැනීම් කටයුතු මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදුකරමින් පවතින බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් පවසූවේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මේ වෙනවිටද 50%ක සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට ගෙන්වනවා කිව්වත් කිසිඳු විශ්වවිද්‍යාලයක එසේ ගෙන්වා නොමැති බව සදහන් කර ඇත.