විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
2023 January 23- Page Views : 217
වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙකි.
මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ (22) පස්වරුවේ මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම පුද්ගලයා නිවසක සිටියදී හමු වූ බව පොලීසිය පවසයි.
ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම පුද්ගලයා යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සැකකරු අද (23) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.