ක්වීන් ඔෆ් ඒෂියා තවමත් අලෙවි කර නැහැ
2023 January 23- Page Views : 53 විදෙස් රටවල භාවිත වන මුදල් හුවමාරු ක්‍රම මෙරට බැංකු පද්ධතිය තුළ භාවිත නොවීම හේතුවෙන් මෙරටින් සොයාගැනුණු ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන ලොව විශාලතම “නැචුරල් කොරන්ඩම් බ්ලු සෆායාර්“ මැණික් විදෙස් රටකට අලෙවි කිරීමට මෙතෙක් හැකි වී නොමැති බව එහි හිමිකරු චමිල සුරංග පවසනවා.
රත්නපුර - බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මෙම මැණික් පොකුර සොයාගනු ලැබුවේ 2021 වසරේදීයි.
කිලෝග්‍රෑම් 310ක් බර මෙහි කැරට් ප්‍රමාණය ආසන්න වශයෙන් පහළොස් ලක්ෂ පනස්දහසකට අධික බවයි එම මැණික් ගලේ හිමිකරු සඳහන් කළේ.