WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැලිෆෝනියාවේදී දස දෙනෙකුට මරු කැඳවූ වෙඩික්කරු සියදිවි හානිකරගනී

2023 January 23- Page Views : 4

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාක් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරු සියදිවි නසාගෙන සිටියදී සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඝාතකයා සොයා සිදුකළ සන්නද්ධ මෙහෙයුමකදී සුදු පැහැති වෑන් රථයක් තුළ වෙඩි තබාගෙන මියගොස් සිටියදී සැකකරුගේ මළ සිරුර සොයාගත් බවයි ලොස් ඇන්ජලිස් පොලිසිය සඳහන් කළේ.

72 හැවිරිදි මෙම ඝාතකයා ආසියාතිකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

චීන නව අවුරුදු උදාව වෙනුවෙන් මෙම ප්‍රදේශයේ සැමරුම් පැවැත්වෙමින් තිබෙන අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

එහිදී සිදුකළ වෙඩි තැබීමේදී කාන්තාවන් පස්දෙනෙකු ඇතුලු 10 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.