කැලිෆෝනියාවේදී දස දෙනෙකුට මරු කැඳවූ වෙඩික්කරු සියදිවි හානිකරගනී
2023 January 23- Page Views : 132
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාක් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරු සියදිවි නසාගෙන සිටියදී සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඝාතකයා සොයා සිදුකළ සන්නද්ධ මෙහෙයුමකදී සුදු පැහැති වෑන් රථයක් තුළ වෙඩි තබාගෙන මියගොස් සිටියදී සැකකරුගේ මළ සිරුර සොයාගත් බවයි ලොස් ඇන්ජලිස් පොලිසිය සඳහන් කළේ.
72 හැවිරිදි මෙම ඝාතකයා ආසියාතිකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
චීන නව අවුරුදු උදාව වෙනුවෙන් මෙම ප්‍රදේශයේ සැමරුම් පැවැත්වෙමින් තිබෙන අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.
එහිදී සිදුකළ වෙඩි තැබීමේදී කාන්තාවන් පස්දෙනෙකු ඇතුලු 10 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.