උසේන් බෝල්ට් මූල්‍ය අර්බුධයක
2023 January 23- Page Views : 4 අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී මෙන්ම ලොව වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවලිය ලත් ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මේවන විට මුල්‍ය අර්බුධයකට මුහුණ පා සිටිනවා.
මේ බව තහවුරු කරමින් උසේන් බෝල්ට්ගේ නීතීඥයා පවසන්නේ, තම සේවාදායකයා වන බෝල් විසින් ජැමෙයිකාවේ මූල්‍ය සේවා කොමිෂන් සභාව විසින් ආයෝජන සමාගමක් ලෙස නම් කර ඇති කොටස් සහ සුරැකුම්පත් සමාගමේ කළ ආයෝජනයෙන් ඩොලර් මිලියන 12.7ක මුදලක් අදාළ සමාගම විසින් වංචා කර ඇති බවයි.
උසේන් බෝල්ට්ගේ ගිණුමේ ඩොලර් මිලියන 12.8 ක් තිබුණත් ගිණුමේ දැන් ඉතිරිව ඇත්තේ ඩොලර් 12,000 ක් පමණක් බව ද බෝල්ට්ගේ නීතීඥ ලින්ටන් ගෝර්ඩන් පසුගියදා අනාවරණය කළා.
බෝල්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා අදාළ සමාගමට දින 10ක කාලයක් ලබා දී තිබෙන අතර එම කාලය තුළ මුදල් ආපසු ලබා නොදුන්නොත් අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට ද සැලසුම් කර තිබෙනවා.
මේ අතර අදාළ සිදුවීමෙන් පසු සිය FACE BOOK ගිණුමට ඔලිම්පික් පදක්කම් ගෙළ පැළඳ සිටින ඡායාරුපයක් එක්කරමින් උසේන් බෝල්ට් පවසන්නේ මේ මා විසින් උපයා ගත් දේ බවත් එය දුන් දේ නොවන බවටයි.