නේපාල භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
2023 November 04- Page Views : 106
වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයන් 128 දෙනෙකු පමණ භූ කම්පන තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරුවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
එමෙන්ම තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්ය.
මේ අතර, භූ කම්පන තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු සුන්බුන් අතර සිර වී සිටින ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් සඳහන් කර තිබේ.
වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට ඊයේ (03) රාත්‍රියේ රිච්ටර් මාපංක ඒකක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබිණි.