WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයට අලුතෙන් ක්‍රිකට් නායකයින් දෙදෙනෙක්

2023 November 17- Page Views : 36

ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්ථානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, එම තනතුරෙන් මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්විය.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායමට සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව නායකයින් දෙදෙනෙක් නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් නම්කර ඇති අතර විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි ව නම් කළ බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

එක්දින ජාත්‍යන්තර තරගාවලියක් නුදුරේදීම නොපැවැත්වෙන බැවින් එක්දින කණ්ඩායම සඳහා නායකයෙක් පත්කර නොමැත.

ඔවුන් දෙදෙනාගේ පළමු අභියෝගය වන්නේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය යි.

මේ අතර කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස මොහොමඩ් හෆීස් ව නම්කර තිබේ. එම තනතුරේ කටයුතු කළ මිකී ආතර් ගේ කොන්ත්‍රාත්තුව අත්හිටවූ බව සඳහන්ව නැත.