WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි

2023 November 20- Page Views : 35

කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී.

කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී.

ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙයට අමතරව නාල්ල ප්‍රදේශයේ නිවාස රැසකට ද ජල ගැලීමෙන් හානිවී සිදුවී ඇත.