WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පරාජය වූ ඉන්දීය කණ්ඩායමට අගමැති මෝදි ගෙන් දැනුම්දීමක්

2023 November 21- Page Views : 22

අපරාජිතව තරගාවලියේ සියලු අභියෝගවලට මුහුණදී අවසන් මහා තරගයේදී අමිහිරි පරාජයක් අත්විඳීමට සිදුවීම ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය ක්‍රීඩකයින්ට මෙන්ම සමස්ථ ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට සංවේදී අත්දැකීමක් විය.

මෙවැනි පසුබිමක ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව සිය X ගිණුමේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තැබූ සටහනක් වෙත ලෝකයේම අවධානය යොමුව ඇත.

එහි සඳහන් වන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ විශිෂ්ඨ දක්ෂතාවයන් සහ අධිෂ්ඨානය කැපී පෙනුණු බවය.

ලෝක කුසලාන අවසන් තරගයේ අනුශූරයින් වූ ඉන්දීය කණ්ඩායම වෙත සිය සුභාසිංශන එකතුකරමින් මෝදි මෙම පණිවුඩය නිකුත් කර තිබීම විශේෂත්වයකි.

එසේම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ විශිෂ්ඨ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් ඉන්දීය ජාතිය වෙත මහත් අභිමානයක් රැගෙන ආ බවය.

මේ අතර සිය සුබපැතුම් පණිවුඩය අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ "අදත් හෙටත් අපි ඔබ සමග රැඳී සිටිනවා" යනුවෙනි.