යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා
2023 November 21- Page Views : 133
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි.
ඊශ්‍රායල හමුදා හමාස් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 240 දෙනා මුදා ගැනීමේ අරමුණින්ය.
ගැටුම් නැවැත්වීමට කැමැති යැයි හමාස් සංවිධානය පවසා ඇති නමුත්, සටන් විරාසයකට යෑමට හෝ ගැටුම් නැවැත්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා නැත.