බාලිකා පාසලක විශාල පැති බැම්මක් කඩාවැටෙයි
2023 November 21- Page Views : 218
අධික වර්ෂාව හේතුවෙන් වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ආසන්නයේ විශාල පැති බැම්මක් කඩාවැටී තිබේ.
වත්තේගම ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට අධික වැසි ඇදහැලී ඇති අතර ඒ හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටවී ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (21) සහ හෙට (22) දෙදින පාසල වසාදැමීමට බාලිකා විදුහලේ විදුහල්පතිනිය පියවර ගෙන තිබුණි.
මෙම පැති බැම්ම කඩා වැටීමෙන් පාසල් ගොඩනැගිලි පරිශ්‍රයට හානි සිදුවී ඇත්ද හා ඉදිරියේ කොයි ආකාරයේ අවදානමක් පවතීද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතය.