වයස 14 ට අඩු දරුවන් ට සමාජ මාධ්‍ය තහනම්
2024 March 26- Page Views : 38 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වෙයි.
එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබේ.