ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි
2024 March 30- Page Views : 624
අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බවය.
සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බව වාර්තා වේ.
පාලම යථාතත්ත්වයට පත්කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.