WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයට සුනාමි අනතුරු ඇඟවිමක්

2024 April 03- Page Views : 35

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

තායිවානයේ නැඟෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූමිකම්පනයක් හටගෙන තිබේ.

විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් අද (03) උදෑසන 8ට ආසන්න වේලාවකදී මෙම භූමිකම්පාවහටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ජපානයේ කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කළේ, මියාකොජිමා දූපත ඇතුළු කලාපයේ ජපන් දූපත් සඳහා මීටර් තුනක් පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවය.

1999 සැප්තැම්බර් මාසයේදී තායිවානයට රික්ටර් මාපාංක 7.6ක භූමිකම්පාවක් ඇති වූ අතර එම ව්‍යසනයෙන් පුද්ගලයින් 2,400ක් පමණ මියගිය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.