ප්‍රංශයෙන් සෙනගාලයට එරෙහිව සුපිරි ආරම්භයක්
2026 June 17- Page Views : 10
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය යටතේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම සෙනගාලය ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත් විය.
අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය පුරාම දෙපිල අතර ඉතාමත් උණුසුම් සහ තියුණු තරගකාරීත්වයක් දක්නට ලැබුණි.
සෙනගාලයට පළමු අර්ධයේදී ගෝල ලබාගැනීමට ලැබුණු හොඳ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට නොහැකි විය.
තරගයේ 65 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ සුපිරි තරුව කිලියන් එම්බාපේ (Kylian Mbappé) විසින් පළමු ගෝලය වාර්තා කළේය.
අනතුරුව 81 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola), පිටියට පිවිස මිනිත්තු දෙකක් ඇතුළත ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.
තරගයේ අවසන් මොහොතේදී සෙනගාලය ගෝලයක් ලබා ගනිමින් තරගයට නැවත පැමිණීමට උත්සාහ කළද, එම්බාපේ නැවතත් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයේ ජයග්‍රහණය ගෝල 3-1ක් ලෙස සම්පූර්ණ කළේය.
මේ අතර 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය යටතේ පැවැති නෝර්වේ කණ්ඩායම ඉරාක කණ්ඩායම අතර තරගය ජයගැනීමට නෝර්වේ කණ්ඩායම සමත් විය.
ඒ ඉරාක ගෝල 4-1ක් ලෙස පරාජය කිරීමෙන්ය.