WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේනයට දෙන යුද ආධාර පැකේජයට අනුමැතිය

2024 April 21- Page Views : 40

යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් ජනාධිපති ජෝ බයිඩන්ගේ එම යෝජනාව මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වී තිබුණි.

කෙසේවුවද යුක්‍රේනය වෙත රුසියානු ප්‍රහාර ප්‍රබල වීම හමුවේ සිදු කෙරුණු දැඩි ඉල්ලීම මත අදාළ පැකේජය සම්මත කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබූ බව වාර්තා වෙයි.

අමෙරිකාවේ එම තීරණය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන ක්‍රෙමිලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළේ මෙම පැකේජය මගින් ඇමෙරිකාව පොහොසත් කරන අතර යුක්‍රේනය තවදුරටත් විනාශ වෙනු ඇති බවය.