WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටික්ටොක් ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී

2024 April 24- Page Views : 35

ටික්ටොක් තහනම් කිරීම සඳහා මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබේ.

ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

එය එසේ සිදුකළහොත් ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතුය. ඔවුන් පවසන්නේ මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් ලෙසයි.

ඊට කිසිසේත් එකඟ නොවන බව චීනය පැවසීය.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

ටික්ටොක් භාවිත කරන්නන් මිලියන 107ක් අමෙරිකාවේ සිටින අතර එය තහනම් කළහොත් ඔවුන්ගේ නිදහස් භාෂණයට ඇති අයිතියට බලපෑම් ඇතිවන බවත් එමගින් ව්‍යාපාර මිලියන 7කට බලපෑම් ඇතිවිය හැකි බවත් බයිට්ඩාන්ස් සමාගම පැවසීය. එසේම ටික්ටොක් මගින් වාර්ෂිකව අමෙරිකානු ආර්ථිකයට බිලියන 24ක දායකත්වයක් ලබාදෙන බවද සඳහන් ය.