බිහිසුණු ප්‍රහාරයකින් "Harry Potter castle" වැනසෙයි
2024 May 01- Page Views : 10
කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් "හැරී පොටර් කාසල්" නමින් හඳුන්වන අධ්‍යාපන ආයතනයක්ද ගිනිගෙන විනාශ වී ඇති බවය.
රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බව යුක්‍රේනය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 30 දෙනා අතර ළමුන් දෙදෙනෙකු සහ ගැබිණි කාන්තාවක් ද වන බව සඳහන් වෙයි.
ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 20 කට ආසන්න ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.