WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ අධිවේගයක නායයෑමකින් ජීවිත 36ක් අහිමි වෙයි

2024 May 02- Page Views : 10

ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබේ.

ඉන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්ගයේ මීටර 18ක පමණ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති අතර ඉන් රථ වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබිණි.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අනතුරට මුහුණ දුන් පිරිස මුදාගැනීම සඳහා 500ක පමණ පිරිසක් යොදවා තිබූ අතර මාර්ගය නායයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.