WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

2024 May 04- Page Views : 10

දෙරට අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ඇත්තේ කරන් බ්‍රාර් නැමති 22 හැවිරිදි පුද්ගලයෙකු සහ කමල් ප්‍රීත් සිං නැමති 22හැවිරිදි මෙන්ම 28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති සැකකරුවන් තිදෙනෙකු බව විදේස වාර්තා වල සඳහන් වේ.

ඔවුන් තිදෙනාමට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය මෙම ඝාතනයට සම්බන්ධ බවට චෝදනා කිරීමත් සමඟ ඉන්දීයාව එය ප්‍රති‍ක්ශේප කළ අතර පසුව මෙය රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් දක්වා වර්ධනය විය.