බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට
2024 May 05- Page Views : 10
දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත.
ඒ හේතුවෙන් පුද්ගලයින් 70,000කට පමණ තම නිවාසවලින් ඉවත් වී ඇති අතර මිලියනයකට අධික පවුල්වලට පානීය ජලය නොමැති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.