ඩුබායි වෙසක් මහ ඉහළින්
2024 May 28- Page Views : 13 වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි.
එම වෙසක් කලාපයේ බත් දන්සල්, කොමඩු දන්සල්, බෙලිමල් දන්සල්, බිස්කට් දන්සල් සහ වෙසක් කූඩු තරඟ දක්නට ලැබිණි.
ඩුබායිහී අල්ලයින් ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරතවන ශ්‍රී ලාංකිකයින් සහ ක්‍රීඩා සමාජයන්ගේ එකමුතුවෙන් මෙම වෙසක් කලාපය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
එම කුඩා වෙසක් කලාපය නැරඹීමට එහි පැමිණ සිටි ශ්‍රී ලංකිකයින් ලංකාදීප වෙත අදහස් දක්වමින් කියා සිටියේ මව්බිමෙන් දුරස්ව විදේශ රටක රැකියාවන්හී නිරතවී සිටියදී සම්බුදු තෙමගුල සිහි කරමින් දාන සීල භාවනාවන්හි නිරත වීමේ වැඩ කටයුතු තම තමන්ට හැකි පමණින් සිදුකිරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම සිංහල, දෙමල, මුස්ලිම්, සියලුම ජාතීන් ශ්‍රි ලාංකිකයන් ලෙස බැති සිතින් එම පිං කටයුතු සඳහා දායක වී සිටින බවද වැඩිදුරටත් පැවසීය.