WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

20යි 20 ලෝක කුසලානයේ අවසන් දිනය අදයි

2024 June 29- Page Views : 35

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙයි.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.