WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

LPL තරගාවලිය අද ඇරඹේ

2024 July 01- Page Views : 35

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පළමු තරගයේදී දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර එම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන ඔස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාක්ද සහභාගී වෙයි.

අදින් ඇරඹෙන තරගාවලිය ජුලි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.