WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"කලාව නිසා තමයි මට ඒ ආදරය ලැබුණේ.. මං ඒ ආදරයට ලෝබයි.." සුරූපී ඇගේ හිත නැවතුණේ කා ළඟද..?

2024 July 08- Page Views : 35

බොහෝ දෙනෙක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්.. ඒ වගේමයි ඇයට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා..

ඉතින් දේශානි නෙහාරා කියන්නේ මේ දවස්වල හිරු තිරය හරහා ගොඩක් ජනප්‍රිය වුණ චරිතයක්..

ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය මේ වෙනකොට පෙම්වතියක්ද..? ඇය මෙන්න ඒ ගැන කාලෙකට පස්සේ පුවත්පතකට කියලා තිබුණා.. මේ බලන්නකෝ ඒ කතාව..

"ආදරය නිසා මං ගොඩක් දුක්වින්ද කෙනෙක්. වැරැදි පුද්ගලයෙක්ගෙන් ලැබුණු වැරදි ආදරයක් නිසා එක කාලෙකදි මට ආදරේට වෛර කරන්නත් වුණා. කලකිරුණා. එපා වුණා. මට ඕන කවදාවත් නොවෙනස් ආදරයක්. වෙනස් වෙන්නෙ නැති දෙයක් මේ ලෝකෙ නෑ කියන යථාර්ථයත් මං දන්නවා. එහෙම ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. ලැබෙන්න ඕන වෙලාවට, ලැබෙන්න ඕන විදිහට, හරි කෙනා ලැබෙයි. මං ආදරේ පස්සෙන් පන්නන්නෙත් නෑ. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකුත් නෑ. මේ ලෝකෙ කවදාවත්ම වෙනස් වෙන්නෙ නැති එකම ආදරේ ලැබෙන්නෙ අම්ම, තාත්තගෙන් විතරයි. මං ඒ ආදරේ විඳිමින් ඉන්නවා."