WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යමාල් වාර්තා පොත් අතරට

2024 July 10- Page Views : 35

යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.

ඒ ප්‍රංශය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

මෙම තරගයේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩාකළ ලෙමීන් යමාල් එම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළේය.

තවමත් වයස අවුරුදු 16යි දින 362ක් වන යමාල් යුරෝපීය කුසලාන තරගයකදී ගෝලයක් වාර්තාකළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.