WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද සමයේ භූගත ආයුධ ගබඩාවක් කරදියනාරුවලින් හමුවෙයි

2024 July 11- Page Views : 35

යුද සමයේ භාවිතා කිරීම සදහා කොටි සංවිධානය වළ දමා තිබූ භු ගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන තිබේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අඩි අටක පමණ ගැඹුරින් මෙම පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ වල දමා තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි.

පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් මෙහි තිබු බව පොලීසිය පවසයි.

එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම බෝම්බ හා උණ්ඩ විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසියට බාර දී ඇත.