WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලක් මවට අභිමානය ගෙනදී - බස් එකේම ගෙදර ගිය උදේශිකා..

2024 July 31- Page Views : 35

කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනෙක ලංකාවට අභිමානයක් ගෙන එමින් ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

මේ දවස්වල කාන්තා ක්‍රිකට් ගැන හැම කෙනෙක්ම කතා වෙන්නේ අන්න ඒ නිසා.. ඒත් අපේ රටේ අභිමානය රැකගත් මේ පිරිස ගැන ඔබ, මම නොදන්නා කතා නම් මොනතරම් ඇතිද..? ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ කිසිම වරප්‍රසාදයක් නැතුව කියන එකට ඇය හොඳ.

උදාහරණයක්උදේෂිකා ප්‍රබෝධනී මේ කියන්න යන්නේ ඇය ගැන සංවේදී කතාවක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් පෙරළියාකර දස්කමක් දැක්වූ ක්‍රීඩිකාවක් ලෙස කේ.ඩී උදේෂිකා ප්‍රබෝධනී හඳුන්වාදෙන්න පුළුවන්.

ඇය කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ, නාවදගල අක්කර 100 ගමේ අඩු ආදායම්ලාභී පවුලක උපත ලබා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කාන්තා කණ්ඩායමට සම්බන්ධ වූ විශිෂ්ට ක්‍රීඩිකාවක්.

ඇගේ පියාගේ ජීවනෝපාය වූයේ කුරුඳු තැලීමයි.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩිකාවක වශයෙන් 2010 ,2013, 2014, 2016, 2017, 2018, 2020 වසරවල පැවති ලෝක ශූරතා ක්‍රිකට් තරගවලට සහ ටී-20 ක්‍රිකට් තරගවලට ඉදිරිපත්ව විශේෂ දක්ෂතා දක්වා ඇති විශිෂ්ට ක්‍රීඩිකාවක්.

එමෙන්ම 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැති තරගාවලියේ දී බංගලාදේශය සහ පකිස්තානය සමග පැවති තරග දෙකේදීම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ආරම්භක කඩුලු දෙකම දවා ගැනීමට සමත් වූ ඇය පෙරළිකාර ඉන්දියාව සමග පැවැති අවසන් තරගයේදී දක්ෂතම කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට මහත් දායකත්වයක් ලබා දුන්නා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට දායක වූ ඇය ජයග්‍රහණයෙන් පසුව සිය ගමට ගොස් ඇත්තේද බස් රථයෙන්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් බස් රථයෙන් ගමන් ගත් ඇය ජයග්‍රගණයේ සතුටත් සමඟ ගමට යනවිට ඇය පිළිගැනීමට පැමිණ සිටියේ ඇගේ පියා ඇතුළු ගම්වාසීන් පමණයි.

කිසිදු දේශපාලන නායකයෙක් මේ අවස්ථාවට සහභාගී නොවූ අතර ඇල්පිටිය පොලිස් ස්ථානය ඇගේ පිළිගැනීමේ උළෙලට ආරක්ෂාව සපයා දී ඇති බවයි වාර්තා වෙන්නේ.