WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අන්තර්ජාල අක්‍රමිකතා ගැන පැමිණිලි 8000ක්

2024 October 20- Page Views : 35

වසරේ ගතවූ මාස 9 තුළ අන්තර්ජාල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 8000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ ෆේස්බුක් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බවයි එම සංසදය සඳහන් කළේ.

පසුගිය මාසය තුළ පමණක් මූල්‍ය වංචා සම්බන්ධ පැමිණීලි 300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වී තිබූ අතර මෙරට ඔන්ලයින් වංචා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී විදේශීය ජාතිකයන් 200 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ මෙම පිරිස් ශ්‍රී ලංකාවේ රැඳී සිට විදේශ රටවල පුද්ගලයින්ගෙන් ද මුදල් වංචා කරන බව අනාවරණ වී ඇති බවයි.

එසේම මොවුන් මෙරටට පැමිණ ඇත්තේ, සංචාරක වීසා මත බවට ද අනාවරණ වී තිබෙනවා.

මේ අතර, ජාතික හැදුනුම් පත් උප්පැන්න සහතික සහ විභාග ප්‍රතිඵලවල ලේඛන, ෆෙස්බුක් ඇතුලු සමාජජාලවල සහ වෙබ් අඩවි වල පළ කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු වන වංචාවලට ගොදුරු වීමට හේතුව් විය හැකි බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.