යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි
2024 November 01- Page Views : 9 ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ප්රථම මංගල ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
උදෑසන 09.20 ට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .