WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොරියාවට 5000ක්

2024 November 13- Page Views : 9

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිශ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 4384 දෙනෙකුද,ධීවර ක්ෂේත්‍රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබේ.

මොවුන් අතරින් තරුණයින් 3984 දෙනකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. තරුණියන් 102 දෙනකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ. දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත පැවසීය.