WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔරොත්තු නොදෙන බරක් පැටවූ ටිපර් රථය

2024 December 06- Page Views : 27

පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අන්දරවැව හන්දිය අසලදී ලෑලි තොගයක් පටවාගෙන ආ ටිපර් රථයක් පෙරළී තිබේ.

අනුරාධපුරයේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් මෙලෙස අනතුරුට ලක්ව ඇත.

සීමවා ඉක්මවා ටිපර් රථයට ලෑලි පටවීම හේතුවෙන් හා වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුරුව සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් රියදුරා හා සහායකයා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.