WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 69ක් මරුට

2024 December 16- Page Views : 10

ගාසා තීරයට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ අවතැන් වූවන් රැදී සිටින පාසල් 04කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.

2023 ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ පුද්ගලයින් 44,976 ක් මිය ගොස් 106,759 ක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, සිරියාවේ හිටපු ජනපති බෂාර් අල්-අසාද් නෙරපා හැරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවේ ගෝලාන් කඳුකරය අත්පත් කර ගත් අතර, එහි ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ජනගහනය දෙගුණ කිරීමේ සැලසුමක් ද ඔවුන් නිවේදනය කර ඇති බවයි සඳහන් කළේ.