WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද

2024 December 28- Page Views : 10

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ.

නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන ඔහු මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.