රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ
2025 February 18- Page Views : 10
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.
ඇමෙරිකාවේත්, රුසියාවේත් නියෝජිතයන් කණ්ඩායම් සෞදියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති අතර, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට තමන් පියවර ගන්නා බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇමෙරිකා සහ රුසියන් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඒ සඳහා ඇරැයුම් කර නැතැයි පැවැසෙයි.
තමන් හෝ යුක්රේන රජයේ හෝ නියෝජිතයන් සහභාගී නොකර, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට යෝජනා කරන කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බව යුක්රේන ජනාධිපති සෙලෙක්ස්කී තරයේ පවසා ඇත.