කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි
2025 February 18- Page Views : 56 මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය. උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නගර වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි.
යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි.
යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය.
යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි. ඒ වනවිටත් ගුවන් තොටුපොළ සෙන්ටි මීටර් 22 ක හිම තට්ටුවකින් වැසී පැවැතිණි.
කෙසේ නමුත් යානය උඩු යටිකුරු වූයේ කෙසේදැයි යන්න සොයා බැලීමට කඩිනමින් විමර්ශන ආරම්භ කළ බව කැනඩා ගුවන් ගමන් බලධාරීහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.
අනතුරත් සමඟ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු අතර, පිටත්වීමට නියමිත ගුවන් යානා ප්‍රමාද කෙරුණි.
උඩු යටිකුරු වුණු ගුවන් යානය ලිස්සා ගොස් නගර වුණු සැණින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් වහා ක්‍රියාත්මක වූ බවත්, මගින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීමට වෙහෙසුණු බවත් පැවැසෙයි.