WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව වැඩිම ආදායමක් ඉපැයූ Ne Zha 2

2025 February 19- Page Views : 58

ලොව පුරා මේ වනවිට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ "Ne Zha 2" නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වෙයි.

එම චිත්‍රපටය මේ වනවිට ඩිස්නි සමාගමේ "Inside Out 2" චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබේ.

ඊයේ (18) සවස වන විට මෙම චීන චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව ඇ.ඩො බිලියන 1.72ක් පමණ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දින තිරගත වීම ආරම්භ වී දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්ව දිනකට පසුව "Ne Zha 2" සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීම විශේෂත්වයකි.