WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

2025 February 24- Page Views : 57

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය.

ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.

මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමය.

ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව පැවැසෙයි.