WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2025 July 08- Page Views : 10

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

තගරය තව සුළු මොහොතකින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කින් ජය ගත් අතර බංග්ලාදේශ කණ්ඩායම දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජය ගත්තා.

ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1ට 1ක් ලෙස සම තත්වයේයි.

ඒ අනුව දෙපිලම අද (08) තරගයට පිවිසෙන්නේ අද (08) තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින්.

දිවා රාත්‍රි තරගයක් වන මෙම තරගය පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.