පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙටයි
2025 August 15- Page Views : 131
අනාගත පන්දුවාර 20 ශ්‍රී ලංකා සංචිතය සොයාගැනීමේ අරමුණ ඇතිව පවත්වන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.
ඒ, ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතරයි.
තරගය හෙට පස්වරු 1.30ට කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
කමිදු මෙන්ඩිස් ග්‍රීන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ග්‍රේස් කණ්ඩායම මෙහෙයවන්නේ චරිත් අසලංක විසින්.