ජාතික ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
2025 August 26- Page Views : 131
මළල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ (25) දිනයේ සිට මෙය ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.
මෙමගින් අදාළ සංගම් තුනෙහි පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කොට තිබේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති වලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.