WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උපන්දිනය දා එක්දින තරගයක කඩුලු 5ක් ලැබූ පළමු පන්දු යවන්නිය

2025 October 14- Page Views : 29

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නියක වන ඇනබෙල් සදර්ලන්ඩ් තම 24 වන උපන්දිනය දා අතිශය දුර්ලභ වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.

ඇය ඊයේ (12) එක්දින කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී ලකුණු 40කට කඩුලු 5ක් දවාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, එක්දින ක්‍රිකට් තරගයකදී තම උපන්දිනය දා කඩුලු 5ක් දවාගත් පළමු ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

පිරිමි එක්දින තරග ඉතිහාසයේ මෙම සුවිශේෂී දස්කම මීට පෙර එක් වරක් පමණක් වාර්තා වී තිබෙනවා.

එම වාර්තාව ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන් විසින් 2024 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සිය 26 වන උපන්දිනය දා පිහිටුවා ඇති බව සඳහන්.

උපන්දිනය දා සිය රට වෙනුවෙන් විශිෂ්ට දස්කමක් දැක්වීමට ඇනබෙල් සදර්ලන්ඩ්ට ලැබීම භාග්‍යයක් බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කරන්නේ.