WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තා ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ ජෙමීමා

2025 October 31- Page Views : 10

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යෑම වාර්තා කරමින්, අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව මුම්බායිහි පැවති අවසන් පූර්ව තරගයේදී ජෙමීමා රොඩ්රිගස්ගේ නොදැවී ලකුණු 127 (පන්දු 134) "ජීවිතයේ හොඳම ඉනිමක්" ලෙසයි විචාරකයන් විසින් හඳුන්වන්නේ.

කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යෑමේ වාර්තාව ලෙස ලකුණු 339ක් ඉන්දියාව සම්පූර්ණ කළේ ඇයගේ විශිෂ්ට ඉනිම හේතුවෙන්.

මෙම තරගාවලියේ මුල් තරග කිහිපයේදී අසාර්ථක වීම හේතුවෙන් සහ මානසික පීඩාවෙන් පසු ඇය යළි කණ්ඩායමට පැමිණීම, ඇයගේ 'නැවත පැමිණීමේ' කතාව සනිටුහන් කරනු ලබනවා.

එමෙන්ම මීට පෙර පැවති එංගලන්තයට එරෙහි තරගයේදී ඇයව කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

"මට දිනපතාම වගේ අඬන්නට සිදුවුණා, මම මානසිකව හොඳින් සිටියේ නැහැ, විශාල මානසික පීඩාවක් විඳිමින් සිටියා," යනුවෙනුයි කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇය පැවසුවේ.

"මට අවස්ථා කිහිපයක් ලැබුණු බව මම දන්නවා, නමුත් ඔබ නිවැරදි චේතනාවෙන් දේවල් කරනවා නම්, දෙවියන් ඔබට ආශීර්වාද කරන බව මට හැඟෙනවා. මේ දක්වා සිදු වූ සියල්ල මේ සඳහා සැකසීමක් බව මට දැනුණා," යනුවෙන් ද ඇය එහිදී සඳහන් කළා.

එහෙත් නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 76ක් ලබා ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ මෙම විශිෂ්ට ශතකය ඇයගේ ප්‍රතිචාරය බවයි විචාරකයින් සඳහන් කරන්නේ.