චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු අද දිවයිනට
2025 November 18- Page Views : 32
අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු පාකිස්ථානයේ සිට ආපසු මෙරටට ගෙන්වා ගන්නා බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (17) පස්වරුවේ නිවේදනය කළා.
ඒ අනුව පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඔවුන්ට අහිමි වන අතර, ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ වගකීම දසුන් ශානකට පැවරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා, පාකිස්ථාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
ඒ පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීයි.
තරගාවලිය ආරම්භ කරමින් පාකිස්ථාන සහ සිම්බාබ්බේ කණ්ඩායම් අද තරග වදිනු ඇති.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වීමට නියමිතයි.