නයාරු පාලමේ තාවකාලික අලුත්වැඩියා කටයුතු අරඹයි
2025 December 03- Page Views : 1187
ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ අලුත්වැඩියා කටයුතු යුද හමුදා භට පිරිස් එකතුවෙන් මේ වන විට ආරම්භ කර තිබේ.
ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව ඊයේ (02) මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා තිබුණි.