WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අගමැතිනියගේ පොසොන් දින පණිවුඩය

2026 June 29- Page Views : 4

පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවත් කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම පහසු වනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර සිටින්නේ අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටින බවය.

එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව, සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක්ද අවශ්‍ය වන බව ඇය එහිදී අවධාරණය කර සිටියේය. 

එහිදී අග්‍රාමාත්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පොසොන් පොහොයේ සැදැහැ භරිත වන සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව, ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟපෙන්වීමක් වන බවය.

-උපුටා ගැනීම-

පොසොන් දින පණිවුඩය.

ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන ඉතා පුණ්‍යවන්ත දිනයකි.

පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයකි.

 මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලාංකිකයන් සමග දේශනාව දායාද වූ බෞද්ධ දර්ශනය, ස්වදේශී ගොඩනැගුණු පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වූ අමිල උරුමයක් බවට පත්විය.

පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවයි. කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපට වඩාත් පහසු වනු ඇත.

අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටී. එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව, සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක්ද අවශ්‍ය වේ. පොසොන් පොහොයයේ සැදැහැ භරිත වන සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව, ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟපෙන්වීමකි.

උදාවූ වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සියලුම බෞද්ධ ජනතාවගේ ජීවිතවලට නිවීම, සැනසීම, ප්‍රඥාව සහ සෞභාග්‍ය උදා කරන පින්බර පොහොය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

-උපුටා ගැනීම අවසන්-