ආපදාවට ලක්වූ කර්මාන්තශාලා ගණන 416ක්
2025 December 06- Page Views : 1190
ආපදාවට ලක්ව ඇති නිෂ්පාදන හා අපනයන කර්මාන්තශාලා සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශ සදහන් කළේ, ආපදාවට ලක්වූ කර්මාන්තශාලාවල පූර්ණ හානියෙන් සියයට 25ක මුදලක් කඩිනමින් ලබාදීමට මේ වන විට යෝජනා වී ඇති බවයි. එලෙස ආපදාවට ලක්ව ඇති කර්මාන්ත පිළිබද 071 266 66 60 යන දුරකතන අංකයට මේ මස 16 වැනිදාට පෙර තොරතුරු ලබා දිය හැකියි.