යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
2025 December 08- Page Views : 1188
යතුරුපැදි සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සීදූව ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 සහ 25 හැවිරිදි වයස්වල පසුවන තොඩුවාව හා වැලිවේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදි දෙක පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.