WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විනාශ වූ ආගමික ස්ථානවලට 25000ක්

2025 December 09- Page Views : 1188

ආපදාවෙන් විනාශයට පත් වූ ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් විසි පන් දහසක මූලික මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේය.

රටවාසීන්ට සෙත් පතා ආගමික වතාවත් වැඩසටහනක් ආගමික ස්ථාන කිහිපයකදී  අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

බෞද්ධාගමික වැඩසටහන් කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදීත් හින්දු ආගමික වැඩසටහන්  බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදිත් ඉස්ලාම් ආගමික වැඩසටහන්  වැල්ලවත්ත  ජුම්මා මස්ජීඩ් දේවස්ථානයේදීත් කතෝලික ආගමික වැඩසටහන් ශාන්ත ජෝසප් විහාරස්ථානයේදීත්  ක්‍රිස්තියානි වැඩසටහන් ලංකා සභා ආසන දෙව් මැදුරේදීත්   කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.