බදුල්ලේ තැන් හතක් ගැන විමසිල්ලෙන්
2025 December 10- Page Views : 18
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද 10 උදෑසන සඳහන් කළේය .
මෙම ස්ථාන ලෙස මොරගොල්ල වසමේ වරලියාව කන්ද හා කීන කැලේ කඳු පන්තිය නාය යන ප්‍රදේශය, ලෙජර් වත්ත කන්ද, නාරංගල කන්ද, තෝබෝවත්ත කොටස, බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීයකම් කාර්යාලයේ භූමිය මෙසේ ඉතා ඉක්මනින් පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බවට හදුනාගෙන ඇති අතර ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දන්වා ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ඉන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර දෙමෝදර ගල්වල කන්ද සහ මස්පන්නකන්ද ප්‍රදේශයේ නාය යාම මේ දිනවල පවතින වැසි සමග නැවත සක්‍රිය වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.